ෂී ජින්පින් සදාකල් ජනාධිපති

චීන ජනපති ෂී ජින්පින් මහතාට සිය ජීවිත කාලය පුරාම ජනපති ධුරයේ කටයුතු කිරීමේ අවස්‌ථාව උදාවී ඇත.චීන ජාතික කොංග්‍රසය විසින් ජනපති ධුරය දැරීමේ කාල සීමාව අහෝසි කර තිබේ.

මීට පෙර චීන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකිව තිබුණේ දෙවාරයකට පමණි. ෂී ජින්පින් ජනපතිගේ ධුර කාලය 2023 දී නිම වන්නට තිබුණත් මේ සංශෝධනය නිසා ඔහු සදහටම ජනපති වේ. චීන ජාතික කොංග්‍රසයේ නියෝජිතයන් 2964 අතරින් මෙයට විරුද්ධ වී ඇත්තේ දෙදෙනකු පමණි.


මහනුවර නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු යළි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවට අමතරව යුද හමුදාව ඇතුලු ආරක්ෂක හමුදා කණ්ඩායම්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

එමෙන්ම රටේ ස්ථාන කිහිපයක පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන සතියක කාලසීමාවක් සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ පස්වරුවේ සිටක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළා.ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින්.

විස්සයි 20 තරගෙන් ඉන්දියාව ලංකාවට පරදී

මින් කලකට ඉහත ශ්‍රී ලංකාව ඉන්දියාවට ගොස් අති දරුණු පරාජ වැලකට මුහුණ දුන් පසු හතුරුසිංහ යටතේ පුහුණුව ලබමින් නව ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්දියාවට එරෙහිව ලංකාවේදී ක්‍රිකට් ජයක් වාර්තා කිරීම විශේෂ සිද්ධියකි.

අද ආර් ප්‍රේමදාස පිරටියේදී ඇරඹි නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමග පැවති පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

නීතිය හා සාමය ෆොන්සේකාට

දැනට තාවකාලිකව අගමැති යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන ඇමැති µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.

මහනුවරට පොලිස් ඇඳිරි නීතිය !

මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය මැඩපැත්වීම සඳහා අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.

කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති අතර ඇදිරිනීතිය ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

රනිල් එලවන්න පක්ෂ රැසක සහය

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකගේ සහ තවත් පක්ෂ රැසක සහය ලැබි ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බවද එජාප ආරංචි මාර්ග කියා සිටී.

ගත් කතුවර ඇරැව්වල නන්දිමිත්‍ර සමුගනී

රාජ්‍ය සම්මානලාභී නවකතා කරුවෙකු සහ ප්‍රවීන සාහිත්‍ය ධරයෙකු වන ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද (04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතරව සිටි ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු කියති.

පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා‘(The Buddhist) නාලිකා හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වී වදාළහ.

අපවත්වන විට 54 වැනි වියේ පසුවූ උන් වහන්සේ රෝගී වී අසාධ්‍ය තත්වයෙන් කලක සිටම කල් ගත කළ අතර ඇමරිකාවෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසු කොළඹ නවලෝක පුද්ගලික රෝහලේ නේවාසිකව දිගටම ප‍්‍රතිකාර ලබමින් සිටියහ..

ආණ්ඩුව මාව හිරේ දාන්න හේතු හොයනවා

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැඟීසිටීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

"නීතිය අවනීතිය කරන වත්මන් රජයේ පොලිස් විමර්ශන" යන සිරස්තලය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහත සදහන කරයි.

අතුරුදන්ව සිටි ඉරණවිල දරුවා මරාදමලා

දින දෙකක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටි හලාවත, ඉරණවිල, සමිඳුගම පදිංචිව සිටි නව හැවිරිදි සුසිත් නිර්මාල් දරුවා කෲර අන්දමින් ඝාතනය කර ඉරණවිල කඩොලාන සහිත ළඳු කැලෑවක දමා තිබියදී හලාවත පොලිසිය මඟින් ඊයේ (27 දා) සොයාගෙන තිබේ.

දරුවාගේ මළ සිරුර හමුවන අවස්‌ථාවේ නිරුවත්ව තිබූ බව ද පොලිසිය කියයි.

මෙම කෲර ඝාතනය හේතුවෙන් සමිඳුගම ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිති.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ ඉරණවිල ශාන්ත පීතර විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. මෙම දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයා මේ වනවිට සැඟවී සිටින බවත් ඔහු පිට පළාතකින් පැමිණි පොල් කඩන්නකු බවත් පොලිසිය පවසයි.