නව නාවික හමුදාපති පත් වෙයි

නව නාවික හමුදාපති වශයෙන් පත් කළ රියර් අද්මිරාල් ට්‍රැවීස්‌ සින්නයියා මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ජනාධිපති නිල නිවසේදී ඊයේ (18 වැනිදා) භාර ගත්තේය.

21 වැනි නාවික හමුදාපති වශයෙන් පත් වූ ට්‍රැවීස්‌ සින්නයියා මහතා ලබන 22 වැනිදා සිය ධූරයෙහි වැඩ භාර ගැනීමට නියමිතය.

මේ වන විට නාවික හමුදාපති ධූරයේ කටයුතු කරන වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතාගේ සිය ධූර කාලය ලබන 22 වැනිදායින් අවසන් වන බැවින් මෙම නව පත්වීම සිදුකර ඇත.

1982 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්‌වූ සින්නයියා මහතා අවසන් යුද සමයේ විශාල මෙහෙවරක්‌ ඉටු කළ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.