ලසන්ත ඝාතනයට යොදාගත් වෑන් රියක් හමුවෙයිි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරිමට හා මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැරගෙන යෑමට යොදාගත් බවට සැකකෙරෙන වෑන් රථයක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

පිළියන්දල ප්‍රදේශයේ කාන්තාවකගේ සන්තකයේ තිබී මෙම වෑන් රථය සොයාගත් බවද පොලීසිය අද (29දා) නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.

මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති යුද හමුදාවේ මේජර්වරයෙකුගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබියදී මෙම වෑන් රථය සොයාගෙන ඇති බවත් එය අපරාධ රැසකට යොදාගෙන ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.