බබාලාගේ බර වැඩි වෙන අලුත් ක්‍රමයක්‌

සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ (සීනි රහිත) පානය කිරීමෙන් වයස අවුරුදු 1 සිට 6 දක්‌වා වයස්‌වල පසුවන දරුවන්ගේ බර කිසියම් ප්‍රමාණයකින් වැඩිවීමක්‌ සිදුවන බව ඇමරිකානු වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.මෙම අධ්‍යයනයට අනුව සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ දිනකට වරක්‌ පානය කරන වයස අවුරුදු 1 -6 වයස්‌ කාණ්‌ඩයට අයත් දරුවන්ගේ ශරීරයේ බර රාත්තල් 0.3 කින් පමණ වැඩිවේ.

ඉස්සර වගේම අදත් හොරු ඉන්නවා

පසුගිය කාලයේ මෙන්ම අදත් රට විනාශය කරාගෙනයන පුද්ගලයන් සිටින බවත් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24 දා) පෙරවරුවේ පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයට එක්වෙමින් අද දින එතුමා මේ බව සඳහන් කර සිටියේය.

විමල්ගේ දරු දෙදෙනා රෝහල් ගතකරයි

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගේ දරු දෙදෙනා ඊයේ (23) දහවල් රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වීම නිසා ඇති වූ කම්පනයෙන් ඔහුගේ පුත් විභූති හා දියණිය විමාෂා විෂ්වාදරී ද ආහාර ගැනීම වර්ජනය කිරීම හේතුවෙන් ඔවුන් අසනීප වීම නිසා මෙසේ රෝහල් ගත කිරීමට සිදුවී ඇත.

අගමැතිට සුබ උපන් දිනක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 68වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ.

මෙරට සිව්වරක් අගමැති ධූරයට පත් වෙමින් වාර්තාවක් තබා ඇති රනිල් වික්‍රමසිංහ මහතා 1993, 2001 සහ 2015 වසරේ දී දෙවරක් අගමැති ධූරයට පත් විය. මෙරට නව දේශපාලන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කරමින් 2015 මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතාය.

වෛද්‍යවරු විමල් පරීක්‍ෂා කරති

මැගසින් බන්ධනාගාරයේ "ඊ වාට්‌ටුවේ" උපවාසයේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආහාර නොගෙන දැඩි ලෙස රෝගාතුර වුවහොත් ඔහු බන්ධනාගාර රෝහලට රැගෙන යන බව බන්ධනාගාර මූලස්‌ථාන නිලධාරියෙක්‌ ඊයේ (23 වැනිදා) පැවැසීය.

වීරවංශ මන්ත්‍රීවරයා පෙරේදා (22 වැනිදා) පෙරවරුවේ සිට ආහාර හා ජලය ලබාගැනීමෙන් වැළකී සිටින බවත් වෛද්‍යවරුන් විසින් පැය 04 කට වරක්‌ ඔහු පරීක්‍ෂා කරන බවත් එම නිලධාරියා කීය.

මර්වින්ගෙන් අලුත් පක්‍ෂයක්‌

තමා ළඟදීම අලුත් දේශපාලන පක්‍ෂයක්‌ ආරම්භ කරන බව හිටපු ඇමැතිවරයෙකු වු මර්වින් සිල්වා මහතා ඊයේ (23දා) පැවැසීය.

අසාධාරණයට ලක්‌ව සිටින තමා වැනි ඕනෑම පුද්ගලයකුට මෙම දේශපාලන පක්‍ෂයට එක්‌විය හැකි බව පැවසු මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද කීය.මගේ දේශපාලන පක්‍ෂයෙන් මැතිසබේට එන මන්ත්‍රීවරුන්ට ඩියුටි fප්‍රී වාහන ගෙන්වා ගැනීමට බැහැ. වී අයි. පී. නම පාවිච්චි කරන්න බැහැ. මන්ත්‍රීකම වෙනුවට ජනතා සේවකයා යනුවෙන් ඇමැතිය යුතුයි. එමෙන්ම මෙම පක්‍ෂය තරුණයින් වෙනුවෙන් ඇප කැප වු පක්‍ෂයකි.

එමා වොට්සන්ගේ ලීක් වුණු පොටෝ

හැරී පොටර් චිත්‍රපටය හරහා ළමා නිළියක ලෙස ජනප්‍රිය වූ හොලිවුඩ් රංගන ශිල්පිණී එමා වොට්සන්ගේ පුද්ගලික ඡායාරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට නිකුත්වීම ගැන ඇය නඩුවක් ගොනුකර තිබෙනවා.
මේ වනතුරු ප්‍රසිද්ධ වී තිබුණේ ඒවා එමාගේ නිරුවත් ඡායාරූප බවටයි. නමුත් එමාගේ කළමනාකරුවකු ඊයේ මාධ්‍යයට පවසා තිබෙන්නේ ඒවා එමාගේ අසභ්‍ය ඡායාරූප නොවන නමුත් ඇඳුම් අඳිනා අවස්ථාවක ගන්නා ලද ඒවා වන බවයි.

කොළඹ බාලිකා පාසල්වලට පොලිස්‌ ආරක්‌ෂාව

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි සියලුම බාලිකා පාසල්වලට ඊයේ (23 දා) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්‌ ආරක්‌ෂාව සැපයීමට පොලිස්‌ මූලස්‌ථානය පියවර ගෙන ඇත.

ක්‍රිකට්‌ තරග හේතුවෙන් පාසල් සිසුන් බාලිකා විදුහල්වලට කඩා පැනීමේ ප්‍රවනතාවක්‌ ඇතිවී තිබෙන බවත් එය වළක්‌වා ගැනීම සඳහා එම පාසල්වලට හා ආසන්න ප්‍රදේශවලට පොලිස්‌ නිලධාරීන් නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි කටයුතුවල යොදවන බවත් පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

නෙත් එෆ් එම් මැදිරියේදී ආමි රොෂාන් අත්අඩංගුවට

නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව මගින් විකාශය කරන‘අන් ලිමිටඩ්‘ නමැති වැඩසටහනකට පෙරේදා (21) අඟහරුවාදා රාත්‍රියේ සජීවීව සහභාගී කරවාගත් මිනීමරු පාතාල නායකයෙකු වන ‘ආමි රොෂාන්‘ එම වැඩසටහන අතරවාරයේ ගුවන් විදුලි රසිකයෙකු පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත වැඩසටහන අවසන් වන අවස්ථාවේ අත්අඩංගුවට පත්ව තිබේ.

මේ දිනවල සමයං ඝාතනය සම්බන්ධයෙන් නිතර කථාවෙන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ කල්ලියේ සාමාජිකයකු වන රොහාන් ප‍්‍රදීප් හෙවත් "ආමි රොෂාන්" ගුවන් විදුලි වැඩසටහන අතර අදහස්‌ දක්‌වමින් සමයං ඝාතනය ඉතාම හොඳ ක්‍රියාවක්‌ බව පවසා ඇති අතරම එය අංගොඩ ලොක්‌කා ඇතුළු කල්ලිය සිදුකළ බවට තහවුරු කර තිබේ.

සුනඛයන් අයාලේ යැව්වොත් 25000ක් දඩ

සුනඛයන් අයාලේ යෑමට ඉඩ හරින හිමිකරුවන් වෙත අධිකරණය මගින් නියම කළ හැකි දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට හෝ ලබාදිය හැකි සිරදඬුවම වසර 02 දක්වා ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ සඳහා සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමටත් නියමිතය. අයාලේ යන සුනඛයන් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන හෙයින් රජය මෙම තීරණය ගෙන තිබේ.