සයිටම් ප්‍රධානියා වෛද්‍යවරයෙක් නොවෙයි

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන රේණුක සමීර සේනාරත්න මහතා වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ‍පොලිස් මූලස්ථානයට ඊයේ (22) පැමිණිලි කර තිබේ.

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන සමීර සේනාරත්න මහතා වෛද්‍යවරයකු ලෙස පෙනී සිටීම නීතිවිරෝධී බවත් වෛද්‍ය ආඥා පනත අනුව කිසිදු පුද්ගලයකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට හා පෙනී සිටීමට නොහැකි බවද එම වෛද්‍යවරුන් පෙන්වා දුන්හ.

දෙල්ගොඩ පංච පුද්ගල ඝාතනයේ විත්තිකරු ගස්‌

මීගහවත්ත, දෙල්ගොඩ මහවත්තේදී 2007 වර්ෂයේදී මැයි මස 28 වැනිදා රාත්‍රි එකම පවුලේ පස්‌ දෙනකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ විත්තිකරුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (22 දා) මරණීය දණ්‌ඩනය නියම කළේය.

එම නිවසේ සිටි එවකට 12 හැවිරිදි දැරියක දූෂණය කිරීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා දෙකට මරණ දඬුවම නියම වූ චූදිතට බරපතළ වැඩ ඇතිව වසර 30 ක සිරදඬුවමක්‌ද නියම විය. චෝදනා දෙකට රුපියල් 20000 ක දඩයක්‌ නියම වූ අතර දඩ මුදල් නොගෙවන්නේ නම් එක්‌ වසරක ලිහිල් සිර දඬුවමක්‌ නියම කෙරිණි. වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ පහක වන්දි මුදලක්‌ ගෙවීමටද නියම විය. වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 02 ක ලිහිල් සිරදඬුවම් නියම කෙරුණි.

ඔස්ට්‍රේලියාවට ලකුණු 41 ක ජයක්

MG ධනුෂ්කට වන්දි ගෙවන්න වෙයි

ප‍්‍රවීණ ගායක එම්.එස්. ප‍්‍රනාන්දුගේ ගීතයක් නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ සිද්ධියට අදාළව එම්.එස්. ප‍්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 3ක වන්දි මුදලක් ගෙවන ලෙසට නව පරපුරේ ගායක එම්.ජී. ධනුෂ්කට අද (22) නියෝග කෙරුණා.

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.එහිදී එම්.ජී. ධනුෂ්ක ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට තමන් සූදානම් බවයි.ඒ අනුව රුපියල් ලක්ෂ 3ක වන්දි මුදල ගෙවීමේ ප‍්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ නඩුව මාර්තු 31 වෙනිදා යළි කැඳවීමට නියමිතයි.

කිම්ව පරද්දන අලුත් තරුව

නාවික හමුදාපතිට සේවා දිගුවක්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් සේවා දිගුවක් ලබා දි තිබේ.

අද(22) දිනයේ මෙම සේව දිගුව ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

මෙම සේවා දිගුව අද(22) සිට බල පැවැත්වෙන පරිදි මාස 06ට වලංගු බව ද වාර්තාවේ.

රතන හිමි කුඹුරට බසී

පළමුවරට ඩොලරය 153 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියල් 153 සීමාව ඉක්මවා ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක් සඳහා වන විකිණුම් මිල ඊයේ (21) දිනය වන විට ශ්‍රී ලංකා රුපියල් 153.44ක් දක්වා ඉහළ ගොස් ඇත.ඒ සමගම ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 149.68ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 153.44ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන්හි වාර්තා වී ඇත.

නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉරිදා පැවැති දෙවැනි විස්සයි:විස්ස තරගයේදී විනිසුරු තීරණයට අප්‍රසාදය පළකළ හෙයින් ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තරග දෙකක් තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන් නුවරදී පැවැති එක්දින තරගයේදීත් මෙවැනිම චෝදනාවකට ලක්වූ දික්වැල්ල එහිදී සිය තරග මුදලින් 50% ක දඩයකට යටත් විය.

උපාලි කොඩිකාර පොලිසියෙන් සමාව ගනී

බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ ආරක්‌ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාවට වරද පිළිගත් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඊයේ (20 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී එම පොලිස්‌ නිලධාරියාට දැත් එක්‌කොට ආචාර කර සමාව ගත්තේය.

පැමිණිලිකරුගේ එකඟතාව මත මන්ත්‍රීවරයා එසේ ආචාර කොට සමාව ගැනීමෙන් අනතුරුව පැමිණිල්ල සමථයකට පත් කර ගැනීමට ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා දෙපාර්ශ්වයටම අවසර දුන්නේය.