ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියල් 153 සීමාව ඉක්මවා ඇත.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක් සඳහා වන විකිණුම් මිල ඊයේ (21) දිනය වන විට ශ්‍රී ලංකා රුපියල් 153.44ක් දක්වා ඉහළ ගොස් ඇත.ඒ සමගම ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 149.68ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 153.44ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන්හි වාර්තා වී ඇත.