රතන හිමි කුඹුරට බසී


ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ දීපව්‍යාප්තව සිදුකල වස විෂ නැති වී වගාවේ අස්වනු නෙලිමේ මගල්‍යය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කින්නියා මානිරාසකුලම් වෙල්යායේදි සිදු කෙරිණි.

වසවිෂ නැති ධාර්මික ගොවිතැන සදහා මූලිකව කටයුතු කරණ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වසවිෂ නැති ආහාර නිෂ්පාදනය රටේ කාලින අවශ්‍යතාවයක් වී ඇති බව පැවසිය.

මෙම අවස්ථාවට සහභාගිවු නැගෙනහිර පලාත් සභා මන්ත්‍රි කේ.පි.ප්‍රියන්ත පතිරණ සදහන් කලේ මෙම අස්වනු නෙලාගැනිමෙන් පසු වී විකුණා ගැනිමේ ප්‍රශ්ණයක් තිබෙන බවට කිව්වත් එවැනි ප්‍රශ්ණයක් නොමැති බවය.

ඒ සදහා මේ වනවිට වීවිකුණා ගැනිමට සියලු කටයුතු යොදාඇති බවත් පලාත් සභා මන්ත්‍රිවරයා කීය.

මෙම අස්වනු නෙලිමේ අවස්ථාවට කන්තලේ ප්‍රාදේශිය සභාවේ හිටපු උපලේකම් දයා චමින්ද සිල්වා ද සහභාගි විය.