ලක්ෂ 23 නීති විරෝධී යතුරුපැදියක් කොටුවෙයි (Video)

ව්‍යාජ අංක තහඩු භාවිතා කරමින් ධාවනය කළ යතුරුපැදියක් සොයාගැනීමට මීගමුව පොලිස් වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත්වුණා.විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අබලි ද්‍රව්‍ය ලෙස පවසා රේගු බදු නොගෙවමින් ඉතාලියේ සිට මෙම යතුරුපැදිය ගෙන්වා ඇති බවයි.

එකම අංකයක් යටතේ ධාවනය කළ යතුරුපැදි දෙකක් මීගමුව කොට්ඨාස නීතිය බලාත්මක කිරීමේ ඒකකය පසුගියදා සිය භාරයට ගනු ලැබුවා.පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තෙ ස්කූටර් වර්ගයේ යතුරුපැදි අංකයෙන් ඉතාලියේ නිෂ්පාදිත මෙම යතුරුපැදිය ද ධාවනය කර ඇති බවයි.

මීගමුවේ ව්‍යාපාරිකයෙකුගේ පුත‍්‍රයෙකු විසින් ලක්ෂ 23 ක් වටිනා මෙම යතුරුපැදිය පිළියන්ද ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලක්ෂ අටහමාරකට මිලදී ගෙන තිබෙනවා.අබලිද්‍රව්‍ය ලෙස ඉතාලියේ සිට කන්ටේනරයක් තුල සඟවා මෙම යතුරුපැදිය මෙරටට රැගෙනවිත් තිබෙනවා.

කූඨ ලේඛණ ඉදිරිපත් කර තීරුබදු නොගෙවා එය මෙරටට රැගෙනවිත් ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුවේ ව්‍යාපාරිකයාගේ පුත‍්‍රයාට යතුරුපැදිය අලෙවි කළ පිළියන්දල පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.