උද්ධමනය ඉහළට

උද්ධමනය
ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 4.7 දක්‌වා සුළු වශයෙන් ඉහළ ගොස්‌ ඇත.පසුගිය අගෝස්‌තු මස පැවැති උද්ධමනය සියයට 4.5 ක්‌ විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත.මේ අනුව අගෝස්‌තු මාසයේ 113.3 ක්‌වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දර්ශක අගය ඉකුත් සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 113.5 ක්‌ දක්‌වා සියයට 0.2 කින් ඉහළ ගොස්‌ තිබේ.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ පිලේ ඔටුන්න රංගන හේරත්ට

රංගන හේරත්
සිම්බාබ්වේ සංචාරය පිටත්ව යැමට පෙර ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් පුහුණු සැසියේදී කණ්‌ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ මස්‌ පිඩු පෙරළීමේ (බත්කෙණ්‌ඩ) ආබාධයකට ලක්‌වීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ පිලේ නායකත්වය රංගන හේරත්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා ඊයේ (23 දා) සන්ධ්‍යාවේ පවසා සිටියේ ''මැතිව්ස්‌ හදිසියේ පුහුණුවීම්වලදී ආබාධයකට ලක්‌ වුණා. මට හිතෙන විදිහට ඔහුට සම්පූර්ණ සිම්බාබ්වේ සංචාරයම අහිමි වෙයි. අපි රංගන හේරත්ව නායකත්වයට පත් කරනවා. මැතිව්ස්‌ වෙනුවට කණ්‌ඩායමට ගේන්නෙ කවුද කියල තවම සාකච්ඡා කරනවා'' යනුවෙනි. වාර්තාවන අන්දමට උපුල් තරංග හෝ සඳුන් වීරක්‌කොඩි මැතිව්ස්‌ වෙනුවට කීඩා කරනු ඇත.

ශිවගීතා ප්‍රභාකරන් අත්අඩංගුවට

ශිවගීතා ප්‍රභාකරන්
ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මඩකළපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මඩකළපුව - ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටා ඇති හිටපු නගරාධිපතිවරියට අයත් නිවසක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි.

යාපනයේ බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක් !

යාපනයේ බුද්ධි අංශ
යාපනයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය යාපන විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යයකු වන විජයකුමාර් සුලක්ෂන්ගේ නිවස පිහිටි චුන්කාමම් හි දී රජයේ බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදුව ඇතැයි වාර්තාවේ.ඔවුන් දෙදෙනා වහාම රෝහල ඇතුලත් කර තිබේ.

සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි ප්‍රදේශයේ ය.

විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක‍්‍රමයක්

විදුලි වාහන ආරෝපණය
විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක‍්‍රමයක් සහ ඒ සඳහා ඉලෙක්ට්‍රෝනික කාඞ් පතක් හඳුන්වාදීම,පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ‍්‍රයේදී සිදුකෙරිණි.

මෙමගින් කාර්යභහුල සහ කාර්යභහුල නොවන යන අවස්ථා දෙකේදීම විදුලි වාහන හිමිකරුවන්ට අපහසුවකින් තොරව අවම මිලක් යටතේ සිය වාහන ආරෝපණය කරගැනීමට පහසු මෙන්ම සරල ක‍්‍රියාදාමයක් හඳුන්වාදී තිබේ.

මැතිව්ස්ගෙන් නායකත්වය ගිලිහෙන ලකුණු

(Angelo Mathews)
සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී නොවන්නේ නම් නායකත්වය රංගන හේරත්ට ලබාදීමේ සූදානමක් පවතිනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ පාදයේ පවතින ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට මාසයක කාලයක් යන තෙක් පන්දු යැවීමෙන් වළකින ලෙසට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බවයි.

යාපනයේ 'යතුරු පැදි කල්ලි'

යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධිය
බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා 'බීබීසී සංදේශය'ට පැවසීය.

යාපනයේ 'යතුරු පැදි කල්ලි' සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බව අමාත්‍යවරයා පවසයි.

හමුදා ප්‍රධානීන් 5ක්‌ රහස්‌ පොලිසියට


කුසුම් ශ්‍රියන්ත 30වන සංවත්සර ඡායාරුප

ශ්‍රීයන්ත මෙන්ඩිස් සහ ඔහුගේ ආදරණීය බිරිඳ කුසුම් රේණුගේ 30වන විවාහ සංවත්සරය පවත්වා තිබෙනවා.
කුසුම් රේණු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් කලා ලෝකයේ ප්‍රවීනයන් දෙදෙනෙක්.මේ කලාකරුවන් දෙදෙනා කලෙකදී පෙම්වතුන් දෙදෙනෙක්,මව්පියන් සහ දැන් මුනුබුරු මිනිපිරියන් සිටින ආච්චී සහ සීයලා දෙන්නෙක්.
shriyantha mendis And Kusum Renu Married Life Turns 30

චන්දිමාල් හා තිරිමාන්න ටෙස්ට් සංචිතයෙන් හැළෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම්කොට තිබේ.

එහි නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර,ආබාධයක් හේතුවෙන් උපනායක දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලිය අහිමි වී තිබේ.