මැතිව්ස්ගෙන් නායකත්වය ගිලිහෙන ලකුණු

(Angelo Mathews)
සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී නොවන්නේ නම් නායකත්වය රංගන හේරත්ට ලබාදීමේ සූදානමක් පවතිනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ පාදයේ පවතින ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට මාසයක කාලයක් යන තෙක් පන්දු යැවීමෙන් වළකින ලෙසට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බවයි.

මේ හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් අද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට ද පෙනී සිටිනු ඇති.

යම් හෙයකින් එම යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත් මැතිව්ස් සිම්බාබ්වේ තරග සංචාරය සඳහා සහභාගී වන්නේ නැහැ. එසේ වුවහොත් රංගන හේරත්ට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වනු ඇති.