පූජාගේ විවාහය 17

පූජා උමාශංකර් මේ මස 17 වෙනිදා විවාහ වෙන්න නියමිත බවට අපට ආරංචි වුණා.පූජා ගේ අතගන්න සැරෙසන්නේ කලා කේෂත්‍රයේ අයෙක් නෙමෙයි.ඔහු ප්‍රශාන්තන් නම් ව්‍යාපාරිකයෙක්.

පුජාටත් ප්‍රශාන්තන්ටත්  අපි සුබ පැතුම් එක්කරනවා.

පුද්ගලයෙකුට දිවි අහිමිකළ මාරක රිය අනතුර CCTV

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුවූ ආකාරය පසුපස පැමිණි වාහානයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තබුණා.

ත්‍රීරෝද රථයක් වේගයෙන් ධාවනය අතර අතුරු මාර්ගයකින් පැමිණි කැබ් රථයක් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමට සූදානම් වෙද්දීම ත්‍රීරෝද රථය පාලනය කරගත නොහැකිවීමෙන් අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක වැදී අසල තිබූ මෝටර් රථයකද වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පතිගෙන් මුදල් ඇමති සර් ට ඇමතුමක් Video

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මුදල් ඇමති රවි කරුණානායක මහතාට පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් දුරකතන ඇමතුමක් ආවේය.

මෑතකදී නිට්ටඹුවේදී ප‍්‍රභූ දියණියක් පොලිස් අණ නොතකා වාහනයක් පැදවීම ගැන එහිදී අදහස් හුවමාරු වූ අතර ‘නාමල්’ යයි නමක්ද කියනු පැහැදිලව ඇසින.

උපත් පාලන කොපු වලින් තැනූ අමුතු නත්තල් ගස

නත්තල් කාලයත් සමග ලොවපුරා නත්තල් ගස් නිර්මාණය වෙමින් පවතිනවා.සම්ප්‍රදායික නත්තල් ගස් නිර්මාණයන්ගෙන් පරිබාහිර වූ වෙනස්ම ආකාරයේ නත්තල් ගස් නිර්මාණයන්හි ඡායාරූප පෙළක් අනතර් ජලයට නිකුත්ව තිබෙනවා.

මෙම නිර්මාණයන් එක්සත් රාජධානියේ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.උපත් පාලන කොපු,ඉවත දමන හිස් බිත්තර ඇසුරුම්,හිස් වයින් බෝතල්,අත් ආවරණ වැනි දෑ උපයෝගී කරගනිමින් මෙම නිර්මාණයන් සිදු කර ඇති බවටයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම නිර්මාණයන්ගෙන් උපත් පාලන කොපු යොදාගනිමින් සිදුකර ඇති නිර්මාණය පිලිබදව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති බව සදහන්.

ෆේස්බුක්හී අලුත් විශේෂාංගය

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තවත් නව විශේෂාංගයක් හඳුන්වාදීමට සූදානම් වනවා.ඒ, එම වෙබ් අඩවිය හරහා අසත්‍ය ප‍්‍රවෘත්ති පතුරුවාහැරීම අවහිර කරමින්.

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කෙරෙන දෑ හෙවත් ‘පෝස්ට්’ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව දැනටමත් සාමාජිකයින්ට හිමිව තිබෙනවා.