
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කෙරෙන දෑ හෙවත් ‘පෝස්ට්’ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව දැනටමත් සාමාජිකයින්ට හිමිව තිබෙනවා.
ඒ, රිපෝට් පෝස්ට් යන විශේෂාංගය හරහායි. හඳුන්වාදෙන නව විශේෂාංගය මෙහි වැඩිදියුණු කිරීමක් වනවා. ඒ අනුව අදාළ පළ කිරීම අසත්‍ය එකක් නම් ඒ බව සඳහන් කිරීමේ හැකියාව සාමාජිකයින්ට හිමිවනු ඇති.
ඉකුත් දා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා අසත්‍ය ප‍්‍රවෘත්ති රැසක් පතුරුවා හැරුණු බවට චෝදනා එල්ල වුණා.
එවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති පතුරුවා හැරීම අවහිර කිරීමට නව විශේෂාංගයක් හඳුන්වාදීමට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය කටයුතු කර ඇත්තේ ද ඒ අනුවයි.