දීපිකා පදුකෝන් වෙනස්ම රංගනයක Video

දඟකාර පෙම්වතියක් ලෙස බොලිවුඩ් තිරයට පැමිණි දීපිකා පදුකෝන් මේ වන විට සිය රංගන හැකියාවන් වල නව පැතිකඩක් පෙන්වා තිබේ.ඒ, ඇගේ මංගල හොලිවුඩ් චිත්‍රපටය වන ‘xXx : රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්’ ය.

වින් ඩීසල් සමග මෙහි රඟපෑ දීපිකා, පසුගියදා එම චිත්‍රපටයේ නව පූර්ව ප්‍රචාරක පටයක් එළිදක්වා තිබුණි.සල්මාන් ඛාන් ගේ ’බිග් බොස්’ රියැලිටි රූපවාහිනී වැඩසටහන අතරතුරේදී මෙම පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබුණි.

බුද්ධි නිලධාරියාගේ දුරකථනයෙන් වැදගත් තොරතුරු

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමා බව සඳහන් කරමින් ලිපියක් ලියා තබා ගෙල වැලලාගෙන මියගිය යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සාජන් මේජර්වරයා භාවිත කළ ජංගම දුරකථනය මගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

ඔහු ඇසුරු කළ හා දුරකථන සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට මේ වනවිට විවිධ පුද්ගලයින්ගේ දුරකථන අංක හා ඔවුන් ලබා දී ඇති ඇමැතුම් රැසක් ඔස්සේද සිය පරීක්ෂණ සිදු කරති.

අධිවේගයේ වැඩි වේගයට දඩ

දක්ෂිණ අධිවේගී (express highway) මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය යෙදෙන සියලුම රියැදුරන්ට නවීන තාක්ෂණය උපයෝගි කරගෙන පිටවන ‍අවස්ථාවේ දඩ පත්‍රිකා ලබාදීමට ක්‍රමයක් අරඹා තිබේ.

නවීන වේග මාපක උපකරණ ආශ්‍රයෙන් ලබාගන්නා තොරතුරු ක්ෂණිකව සියලුම පිටවීමේ ‍පරිගණකවලට නිකුත් කෙරෙන අතර වරද කළ වාහනයේ ගමන් ගන්නා රියැදුරුට ඔහුගේ වාහනයේ අංකය ඡායාරූපය, වේලාව, ධාවනය කළ වේගය ඇතුළත් සියලු සවිස්තර වාර්තාවක් සහිතව දඩයක් ගෙවන්නට සිදු වේ.

සජිත්ගේ රැකියා වීඩියෝව ගැන බුකියේ පලවන රස කතා

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, තම පාක්ෂිකයින් පිරිසකට රැකියා ලබාදියහැකි ආකාරය පවසන වීඩියෝවක්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේදිනවල වඩාත් කතාබහට ලක්වනවා. මේ එම වීඩියෝව පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය ජාලයන්හි පලව ඇති උපහාසාත්මක නිර්මාණ කිහිපයකි.

ලංකාවේ ලක්‍ෂ 23ක් මානසික ලෙඩ්ඩු

විශාදය නමැති රෝගී තත්ත්වයට ගොදුරු වූවන්ගෙන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක් සියදිවි හානි කර ගැනීමට පෙලඹෙන බවත් දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට විශාදය ඇතිවිය හැකි බවත් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණී රත්නවීර මහත්මිය පවසන්නීය.

වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහත්මිය මෙසේ පැවැසුවාය.