සමන්තුර නගරයේ ප්‍රසිද්ධ හෝටලයකින් තෝසේ කෑමට පැමිණි අයකුට තෝසේ සමඟ ලබාදුන් පරිප්පු බඳුනේ හූනකු හමුවීම නිසා එම පුද්ගලයා දින දෙකක් සමන්තුර රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.
මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට අධිකරණයට දැනුම්දීමෙන් පසුව එම ආහාර සාම්පල් රජයේ රසපරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට සහ එම වාර්තාව ලැබෙන තුරු ඉදිරි මාසයක කාලයක් හෝටලය මුද්‍රා තැබීමට සමන්තුර මහෙස්ත්‍රාත් එම්.එච්.එම්. පසිල් මහතා නියෝග කර ඇත.




