හිරුණිකා වෙඩි වැදුණු භාරතගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කරයි

භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි වැදුණු පසු ලබා ගත් ඡායාරූපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

ඈ එම ඡායාරූපය පෙන්වමින් ප්‍රකාශ කර ඇත්තේ “මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිහනවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට..”

එම ඡායාරූපය සහ සටහන පහත දැක්වේ…