නංගී කෙලෙසා පැනගොස් සිටි අයියා මාට්ටු

කෑ ගැසීමට නොහැකි වන සේ අතින් කට වසා රුපියල් දහසක නෝට්ටුවක් ලබාදී නිදියහනේදීම තම නැඟණිය කෙලෙසා ලබාදී තිබූ රුපියල් දහසේ නෝට්ටුව ආපසු උදුරාගෙන පලා ගොස් සිටි බව කියන අයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.

සැකකරුගේ වයස අවුරුදු 31කි. අවිවාහකයකු වන ඔහු කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි වින්දිත තරුණියගේ වයස අවුරුදු 23කි.

සිද්ධිය වූ පෙරේදා (10දා) දහවල් කාලයේ නිවෙසේ සිට ඇත්තේ සහෝදරියගේ කුඩා දරුවා හා ඇය පමණි.
සිද්ධියෙන් පසු තරුණිය අඬමින් සිටියදී මවුපියන් පැමිණ ඇති අතර ඇය ඔවුන්ට සිද්ධිය පැවැසීමෙන් පසු මව ඇය සමඟ විත් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබේ.