නාමල් - ජානකී සබඳතාව එළියට

ක‍්‍රිෂ් ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින විමර්ශන අතරතුරේ දී පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතා විසින් මහෙස්ත‍්‍රාත්වරයකු හමුවේ ලබා දී ඇති පාපෝච්චාරණය මඟින් නාමල් රාජපක්ෂ සහ ක‍්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොහොත් ජානකී වරකාගොඩ මහත්මිය අතර වූ සම්බන්ධතා රැසක් ගැන තොරතුරු හෙළිදරව් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානකී සිරිවර්ධන නම් ව්‍යාපාරිකාව පසුගිය රාජපක්ෂ රෙජීමය සමඟ ඉතා සමීපව කටයුතු කළ තැනැත්තියක වන අතර ඉන්දියාවේ මහදේවන් සමාගමේ (ක‍්‍රිෂ් ලංකා සමාගමේ මව් සමාගම) හිමිකරුවන් මෙරට ආයෝජනය සඳහා කැඳවාගෙන පැමිණ තිබුණේ ඇයයි.

අවුරුදු 16ක සිසුවියක් අතුරුදහන්

ගාල්ල හික්කඩුව දොඩංදූව පිංකන්ද ප්‍රදේශයේ පදිංචි කේ.ඡී.සුමුදු දේෂානී නම් 16 හැවිරිදි පාසල් සිසුවිය ඡුනි මස 1 දා සිට අතුරුදහන්ව ඇත.

2018 වසරේ උසස්පෙල හදාරීමට නියමිතව සිටී දේෂානී සිසුවිය 2016-ඡුනි 1 වන දින සුපුරුදු පරිදි පාසල් ගොස් ඇති අතර නැවත පාසල නිමවී නිවසට පැමිණ නැහැ..එම නිසා මව විසින් ඡුනි 1 වන දින රාත්‍රීයේ හික්කඩුව පොලීසියට පැමිනිලි කර ඇත.

නාමල් මහින්දගේ කාමරයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට සිටින්නේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේය.

නාමල්ට ලැබී ඇති අංකය වන්නේ 5500 ය.මේ වාට්ටුවේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාමීල් මහතාද සිටී.

කෙසේවුවද, නාමල් රඳවා ඇත්තේ මීට වසර 34කට පෙර හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවේ රඳවා සිටි කාමරයේමය.මහින්ද 1982 දී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී එසේ රක්ෂිත බන්ධාගාරගත කර තිබිණි.

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ත් 50ත් අතර කාන්තාවන් පිරිසක් බව සදහන්.

ඔවුන් පයාගල, අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, මාළඹේ සහ දඹුල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ.

තුර්කි හමුදා කුමන්ත්‍රණය අවසන්

තුර්කි හමුදා කුමන්ත්‍රණය අවසන් බව එරට ජනාධිපති තයිප් එරඩගන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඔහු කියා සිටියේ, රටේ පාලනය තම ආණ්ඩුව යටතේ ඇති බව ය.

කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ තව ත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ගෙන යන බව තුර්කි බලධාරීහු පවසති.