අවුරුදු 16ක සිසුවියක් අතුරුදහන්

ගාල්ල හික්කඩුව දොඩංදූව පිංකන්ද ප්‍රදේශයේ පදිංචි කේ.ඡී.සුමුදු දේෂානී නම් 16 හැවිරිදි පාසල් සිසුවිය ඡුනි මස 1 දා සිට අතුරුදහන්ව ඇත.

2018 වසරේ උසස්පෙල හදාරීමට නියමිතව සිටී දේෂානී සිසුවිය 2016-ඡුනි 1 වන දින සුපුරුදු පරිදි පාසල් ගොස් ඇති අතර නැවත පාසල නිමවී නිවසට පැමිණ නැහැ..එම නිසා මව විසින් ඡුනි 1 වන දින රාත්‍රීයේ හික්කඩුව පොලීසියට පැමිනිලි කර ඇත.


තවද අතුරුදන් වීමට සතියකට පෙර දේෂානි නම් මෙම සිසුවිය පාසල් නිමවී නිවසට පැමිණෙන අතරතුර හිසකෙස් වලින් අල්ලා උල්පිහියක් පෙන්වා තරුණයකු තර්ඡනය කර ඇත.

තවද මෙම තර්ඡනය කල තරුණයා ද පදිංචිව සිටින්නේ අතුරුදන් සිසුවියගේ නිවස ඉදිරිපිට නිවසේය. මෙම තොරතුරු පොලීසියට ලබා දී ඇති අතර ස්ථානාධිපතිවරයා එම තරුණයා ගෙන්වා සිසුවිය පැහැරගත්තාදැයි විමසූ අතර ඔහු එය ප්‍රතික්ශේ‍ප කිරීම නිසා ඔහු අතහැර තිබෙනවා.

තවද දෙමාපියන් විසින් දියණිය පාවිච්චි කළ දුරකථන අංකය සහ අදාළ දුරකථන සමාගමෙන් කතාබහ කරන ලද දු.ක.අංක ලබා දුන්නද එම අංක මේවනතුරු විෂ්ලේෂනය කර නොමැති බවටද චෝදනා කරයි.

අදට සිසුවිය අතුරුදන්ව දින 46 වන අතර තවම පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට දෙමාපියන් චෝදනා කරයි. උල්පිහියක් පෙන්වා සිසුවියට තර්ඡනය කරයි කියන තරුණයා තම දියනිය පැහැරගෙන ගොස් දූෂණය කර ගණිකා මඩමකට බාරදී ඇති බවට සහ දියනිය මරා ඇත්දැයි සැකකයක් දෙමාපියන්ට ඇති බව දෙමාපියන් පැවසුවා.

අද වෙනතුරු දියනිය ගැන කිසිදු තොරතුරක් නොමැති බව වැඩිදුරටත් දෙමාපියන් පැවසුවා. දියනිය අතුරුදන් වීම නිසා පියා මේ වන විට රැකියාවට ද යාමට නොහැකිව සිටී.

පියා ව්‍යපාර කටයුතු කරන අතර මව ඇගලුම් කම්හලක සේවය කරයි. තවත් ළමුන් 3 දෙනකු මෙම පවුලේ සිටින අතර පවුලේ වැඩිමහල් දියනිය මෙසේ අතුරුදන්ව ඇත.

මේ සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ ස්ථානාධිපතිතුමාට දුරකතනයෙන් අමතමින් විමසු අවස්ථාවේ ස්ථානාධිපතිතුමා පවසා ඇත්තේ මේ සිදුවීමට අදාළව ගතයුතු සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බව සහ තව දුරටත් විමර්ශන සිදුකෙරෙන බවයි.