ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ත් 50ත් අතර කාන්තාවන් පිරිසක් බව සදහන්.
ඔවුන් පයාගල, අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, මාළඹේ සහ දඹුල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ.
