ඔහු කියා සිටියේ, රටේ පාලනය තම ආණ්ඩුව යටතේ ඇති බව ය.
කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ තව ත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ගෙන යන බව තුර්කි බලධාරීහු පවසති.
කෙසේ වෙතත් ස්ථාන්බුල් නුවරින් තවදුරටත් වෙඩි හඬ හා පිපිරීම් ශබ්ද ඇසෙමින් ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.
ඊයේ රාත්‍රිය පුරා අන්කාරා අගනුවර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් තිබේ.
මේ අතර හමුදා කුමන්ත්‍රණයත් සමග තාවකාලිකව වසා දැමුනු ස්ථාන්බුල් ගුවන්තොටුපොළ යළි විවෘත කර ඇති අතර රූපවාහිනී විකාශන කටයුතු ද යළි ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.