නාමල් මහින්දගේ කාමරයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට සිටින්නේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේය.

නාමල්ට ලැබී ඇති අංකය වන්නේ 5500 ය.මේ වාට්ටුවේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාමීල් මහතාද සිටී.

කෙසේවුවද, නාමල් රඳවා ඇත්තේ මීට වසර 34කට පෙර හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවේ රඳවා සිටි කාමරයේමය.මහින්ද 1982 දී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී එසේ රක්ෂිත බන්ධාගාරගත කර තිබිණි.