මහින්දගෙන් තෙරේසා මේට ලිපියක්

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියට සුබපතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යවා තිබේ.

එම ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.

ගරු තෙරේසා මේ මැතිනිය,
මහා බ්‍රිතාන්‍යයේ අගමැති,
නො. 10, ඩවුනින් වීදිය,
ලන්ඩන්

ෆොන්සේකා වැඩ බාර ගනියි

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (14දා) පෙරවරුවේදී රාජගිරියේ පැවැති සිය අමාත්‍යාංශයේ වැඩබාර ගත්තේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, මලික් සමරවික්‍රම, සාගල රත්නායක යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමාත්‍යාංශය පිහිටුවා,ඇමතිවරයා වශයෙන් එහි දිවුරුම් දී වැඩ බාරගැනීමට මාස 04ක කාලයක් ගතවූයේ ඒ සඳහා සූදානම් වීමට අවශ්‍ය වූනිසා යැයි ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

කිඹුල් මස් කන්න බැරි වෙයි

කිඹුලෙකු මරා මස් කර වියලන ලද කිඹුල් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පරකාසු විල්ලුව තුළ දී අත් අඩංගුවට ගැනීමට ඊයේ (13) පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් සමත් වී තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය , දියසෙන් පුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සැකකරු සන්තකයේ වේලන ලද කිඹුල් මස් කිලෝ ග්‍රෑම් දහයක් තිබුණු බවත් සැකකරු පොලොන්නරුව මහේස්ශ්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. 

ඇමති ජෝන් තරුණියක් සමඟ නර්තනයේ Video

සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පැදුරු පාටියක ගායනයේ නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.

ඇමතිවරයා එක් අවස්ථාවක තරුණියක හා වේග රිද්ම රංගනයේ යෙදෙන අයුරුද එහි දැක්වෙයි.

රාවණාබලේට වීරවංස වාහන 55ක් දීලා

රාවනා බලය නමින් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් පිහිටුවාගෙන තිබූ සංවිධානය මහින්ද රාජපක්ෂ යුගයේ සිදුකළ කටයතු සහඳහා ගමන් පහසුකම් සපයාගැනීමට නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරුසේවා අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතා විසින් සිය අමාත්‍යාංශයේ වාහන 55ක් වරින් වර ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් පෙනී සිට ඇති උන්වහන්සේට මෙම වාහන ලබා දීමෙන් රුපියල් ලක්ෂ 690ට අධික ජනතා මුදලක් අවභාවිතා වී ඇති බවද මේ වනිට හෙළිදරව් වී ති‍බේ.