රාවණාබලේට වීරවංස වාහන 55ක් දීලා

රාවනා බලය නමින් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් පිහිටුවාගෙන තිබූ සංවිධානය මහින්ද රාජපක්ෂ යුගයේ සිදුකළ කටයතු සහඳහා ගමන් පහසුකම් සපයාගැනීමට නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරුසේවා අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතා විසින් සිය අමාත්‍යාංශයේ වාහන 55ක් වරින් වර ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් පෙනී සිට ඇති උන්වහන්සේට මෙම වාහන ලබා දීමෙන් රුපියල් ලක්ෂ 690ට අධික ජනතා මුදලක් අවභාවිතා වී ඇති බවද මේ වනිට හෙළිදරව් වී ති‍බේ.

මේ සම් බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් බරපතල මුල්‍ය වංචා විමර්ශන පිළිබද ජනාධිපති කොමිසම (13) කැඳවා තිබූ අතර පැය දෙකකට අධික කාලයක් උන්වහන්සේගන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

2010 වසරේ සිට 2015 ජනවාරි මස දක්වා වරින් වර විවිධ අවස්ථාවන් වෙනුවෙන් මෙම රථය පරිහරණය කර ඇති බවත් එහි කුලිය, ඉන්ධන, රියදුරු වැටුප් ඇතුළු සියලු අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගෙවා ඇත්තේද ඉංජිනේරු සංස්ථාවෙන් බව අනාවරණය වූ බද කොමිසම කියයි.