කිඹුල් මස් කන්න බැරි වෙයි

කිඹුලෙකු මරා මස් කර වියලන ලද කිඹුල් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පරකාසු විල්ලුව තුළ දී අත් අඩංගුවට ගැනීමට ඊයේ (13) පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් සමත් වී තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය , දියසෙන් පුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සැකකරු සන්තකයේ වේලන ලද කිඹුල් මස් කිලෝ ග්‍රෑම් දහයක් තිබුණු බවත් සැකකරු පොලොන්නරුව මහේස්ශ්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. 

මෙම වැටලීම පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.ජේ.වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පොලොන්නරුව අඩවි ආරක්ෂක ඩබ්.ඒ.මහින්ද විජේසිංහ, වනසත්ත්ව නියාමකවරුන් වන එස්.ඒ.වික්‍රමසිංහ, යූ.බී.එස්.එන්. කුමාරසිංහ හා රියදුරු සුගත් දේශප්‍රිය යන නිළධාරින් විසින් සිදු කළහ.