මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලෝකයා හඳුනන්නේ ආර්ථශාස්ත්‍රඥයෙකු ලෙසය. ඔහුගේ කණිටු පුත් අර්ජුන් කුමාරස්වාමි පියා ගිය මග ටික කලක් ගියද, ඒ මග අතැර දමා වෙනත්ම මගක් තෝරාගෙන තිබේ.
ඔහු කලක් බහු ජාතික සමාගමක සේවය කර ඉන් ඉවත්ව සංගීත මාවත තෝරාගෙන තිබේ. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්වන්නේ Kolaveri Di ගීතය Re-Mix කොට මියුසික් වීඩියෝවක් කිරීමෙනි. එම වීඩයෝව මේ වනවිට Youtube හි 11,601,754 පමණ නරඹා ඇති වීඩියෝවකි. වෙනත් ගායකයින්ගේ ගීත නව ආරකින් ගායනා කිරීම අර්ජුන්ගේ විශේෂත්වයකි.




