
මේ අතරින් වයස අවුරුදු 18 -20 ත් අතර තරුණ භික්ෂුන් වහන්සේ වැඩි වශයෙන් උපැවැදි වීමට යොමු වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට බලපාන හේතු පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මේ වනවිටත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ඒ අනුව මහ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගනිමින් මෙම ගැටලුව සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීමට ද දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කොමසාරිස්වරයා පෙන්වා ෙදයි. 2016 සංගණනයට අනුව මේ වනවිට ලංකාවේ ලියාපදිංචි භික්ෂුන් වහන්සේගේ ප්‍රමාණය 37691 පමණ වන බව ද, මෙසේ භික්ෂුන් වහන්සේ උපවැදිවීම ශාසනික ගැටලුවක් උද්ගත කරන බව ද, ඒ මහතා පෙන්වා දෙයි.
රමණී සුබසිංහ