නාලන්දේ ගුරුවරයාට සිසුන්ගෙන් ගුටි

දුෂණ චෝදනා එල්ලවී සිටින කොළඹ නලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාවන වසන්ත රංජිත් ජයසුන්දර මහතාට විරුද්ධව අල්ලස් හා දුෂණ ‍කොමිසමට පැමිණිලි කළ සුසන්ත හේරත් නම් ගුරුවරයාට අද (08) එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිසුන් පිරිසක් යොදවා පහරදී ඇති බව වාර්තා වේ.

සිසු පිරිසකගේ පහරකෑමට ලක්වූ සුසන්ත හේරත් මහතා මේවනවිට කොළඹ ජාතික රෝහට ඇතුළත් කර ඇත.

මෙසේ සිසුන් මාර්ගයෙන් සුසන්ත හේරත් ගුරුමහතාට පහරදීම සිදු කොට ඇත්තේ එම පාසලේ විදුහල්පතිවරයා බව මේ වනවිට තහවුරු වී ඇත.

මීට පෙර වතාවක නාලන්ද විදුහල්පතිවරයා පාසලේ සිසුන් යොදා ගැනීමින් මෙම ගුරුවරයට තර්ජනය කිරීම් සිදුකොට තිබුණි.

මේ වනවිට සුසන්ත හේරත් ගුරුමහතාට පහර පහරදුන් සිසුන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.