දවසකට භික්ෂුන් 8ක් සිවුරු හැරයනවා

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන භික්ෂු උපවැදි වීම් සහතිකපත් අනුව දිනකට 8 – 10 ත් අතර ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේ උපැවැදි වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

මේ අතරින් වයස අවුරුදු 18 -20 ත් අතර තරුණ භික්ෂුන් වහන්සේ වැඩි වශයෙන් උපැවැදි වීමට යොමු වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් ‍උද්ගතවීමට බලපාන හේතු පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මේ වනවිටත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

තෙවරප්පෙරුමට බයිපාස් සැත්කමක්

පසුගියදා පාසැලකට සිසුන් ඇතුලත් කිරීමේ සිද්ධියට සම්බන්ධවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇප මත නිදහස් කෙරෙණු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුමට ඊයේ (8) හදිසි හදවත් සැත්කමක් (Bypass)සිදුකර තිබෙනවා.

ඊයේ (8) සවස මතුගම ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව ඔහු රෝහල් ගතකොට ඇති අතර එහිදීයි මෙම සැත්කම සිදුකොට ඇත්තේ.

නාලන්දේ ගුරුවරයාට සිසුන්ගෙන් ගුටි

දුෂණ චෝදනා එල්ලවී සිටින කොළඹ නලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාවන වසන්ත රංජිත් ජයසුන්දර මහතාට විරුද්ධව අල්ලස් හා දුෂණ ‍කොමිසමට පැමිණිලි කළ සුසන්ත හේරත් නම් ගුරුවරයාට අද (08) එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිසුන් පිරිසක් යොදවා පහරදී ඇති බව වාර්තා වේ.

සිසු පිරිසකගේ පහරකෑමට ලක්වූ සුසන්ත හේරත් මහතා මේවනවිට කොළඹ ජාතික රෝහට ඇතුළත් කර ඇත.

මෙසේ සිසුන් මාර්ගයෙන් සුසන්ත හේරත් ගුරුමහතාට පහරදීම සිදු කොට ඇත්තේ එම පාසලේ විදුහල්පතිවරයා බව මේ වනවිට තහවුරු වී ඇත.

මෝටර් රථය ඇලට යයි Video

වේගයෙන් පැමිණෙන මෝටර් රථයක වැදී තවත් මෝටර් රථයක් ඇලකට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල විවිධ අදහස් පලවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථාව 'Hitman's Bodyguard' චිත්‍රපටයේ රූගත කිරීම් අතර සිදුවූවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ITN මහේෂ් නැවත රැකියාවට

ස්වාධීන රුපවාහිනී ආයතනයේ සේවය කළ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතාගේ වැඩ තහනම් කිරීම සම්න්ධයෙන් සොයා බලා එය අත්හිටුවා, ඔහු යළි සේවයේ පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

පසුගියදා සිදු වූ මහේෂ්ගේ වැඩ තහනම් කිරීම වැරදි සහගත බවට පාර්ශ්ව ගණනාවකින් ආණ්ඩුවට එල්ල වූ චෝදනාව නිසා මේ ගැන විශේෂ අවධානයක් අගමැතිවරයා විසින් යොමු කර තිබිණි.