ITN මහේෂ් නැවත රැකියාවට

ස්වාධීන රුපවාහිනී ආයතනයේ සේවය කළ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතාගේ වැඩ තහනම් කිරීම සම්න්ධයෙන් සොයා බලා එය අත්හිටුවා, ඔහු යළි සේවයේ පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

පසුගියදා සිදු වූ මහේෂ්ගේ වැඩ තහනම් කිරීම වැරදි සහගත බවට පාර්ශ්ව ගණනාවකින් ආණ්ඩුවට එල්ල වූ චෝදනාව නිසා මේ ගැන විශේෂ අවධානයක් අගමැතිවරයා විසින් යොමු කර තිබිණි.

 ඒ අනුව කරුණු සොයා බැලූ අග්‍රාමාත්‍යවරයාට එය සිදුව ඇති ආකාරය කිසිදු විනිවිදභාවයකින් තොර බැවින් මාධ්‍යවේදී මහේෂ් සේනානායක නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඔහුගේ වැඩතහනම සිදුව ඇත්තෙ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ විපුල රත්නසිරි මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් යොමුකරන ලද ලිපියක් නිසා යැයි හෙළිව තිබේ. එය ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයාගේ දැනුවත්භාවයකින් තොරව සිදුවීම ද ගැටලු සහගත තත්ත්වයකි.