මහ බැංකුව අර්බුදයක !

ඊයේ මැදියම් රැයේ සිට අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය අවසන් වූ බැවින් අද දිනය වාර්තා වන්නේ මහ බැංකු ඉතිහාසයේ මහ බැංකු අධිපතිවරයෙක් නැතිව ගතවන පළමු දිනය ලෙසයි.

මහ බැංකු අධිපති නැති තත්වයක් යටතේ මුදල් මණ්ඩලයට ඔහුගේ කටයුතු පැවරෙන අතර අධිපතිවරයා නැතිව බොහො කටයුතු කරගත නොහැකිව මහබංකු කටයුතු අඩපන වන බව මුල්‍ය විශ්ලේෂකයෝ කියා සිටිති.

මහෙන්ද්‍රන්ගෙන් යටිකූට්ටු වැඩක්

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සකස් කර කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් බවට හැඟවීම සඳහා එම වංචාව සම්බන්ධයෙන් සෘජුවම චෝදනා ලබා සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

විගණකාධිපතිවරයාගේ එම වාර්තාව අනියම් ආකාරයකින් තමා වෙත ගෙන්වාගෙන ඇති මහේන්ද්‍රන් මහතා එම තොරතුරු ලබා දුන් නිලධාරීන්ව එකිනෙකා හමුවෙමින් ඔවුන් බිය ගන්වමින් සිටින බවත් වගණකාධිපති වාර්තාවේ කරුණු අසත්‍ය කරුණු බවට දිවුරුම් පෙත්සම්වලට අත්සන් ගනිමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

තෙවරප්පෙරුමට අසාධ්‍යයි

මීගස්තැන්න පාසලට ළමුන් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ගෙල වැළලාගෙන සියදිවි නසා ගැනීමට ඊයේ උත්සාහ කරනු ලැබීය.

සිද්ධියෙන් පසුව ඔහු රොගී නාගොඩ රෝහලට ඇතුළත් කර අතර පසුව තත්ත්වය බරපතල වීම නිසා කොළඹ නවලෝක රෝහලට ගෙන එනු ලැබීය.

නියෝජ්‍ය අමාත්‍යවරයාට හදිසි හෘද්‍යාබාධයක් ඇතිවූ බවත් නවලෝක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු දැඩි සත්තාර ඒකකයට ඇතුළත් කළ බවත් වාර්තාවෙයි. ඔහුගේ තත්තවය තරමක් බරපතල බවද කියැවෙයි.

ITN එකට Full HD මැදිරියක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ අධිවිස්තෘත (Full HD ) රූපවාහිනී මැදිරිය, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් ඊයේ උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ‍්‍රයේදී විවෘත වුණා.

රුපියල් මිලියන 600ක මුදලක් වැය කර තනා ඇති මෙම මැදිරි සංකීර්ණය මගින් තාක්ෂණිකව ඉතා ඉහළ ගුණාත්මක රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කිරීමේ තාක්ෂණික හැකියාව පවතී.

සමරවීර ඔස්‌ටේ්‍රලියාවේ උදව්වට

Thilan Samaraweera
ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පිතිකරු උපදේශක ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක තිලාන් සමරවීර තෝරාගෙන ඇත. ඔහු මේ වන විටත් ඔස්‌ටේ්‍රලියානු නවක පිතිකරුවන් සමග සිය රාජකාරී කටයුතු අරඹා තිබේ.

"මගෙත් එක්‌ක දැනට ඔස්‌ටේ්‍රලියානු පිතිකරුවන් පස්‌දෙනෙක්‌ පුහුණුවීම් ලබනවා. මම මගේ පැත්තෙන් උපරිමය ඔවුන්ට ලබාදෙනවා." යෑයි සමරවීර පවසා තිබේ.