මහ බැංකුව අර්බුදයක !

ඊයේ මැදියම් රැයේ සිට අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය අවසන් වූ බැවින් අද දිනය වාර්තා වන්නේ මහ බැංකු ඉතිහාසයේ මහ බැංකු අධිපතිවරයෙක් නැතිව ගතවන පළමු දිනය ලෙසයි.

මහ බැංකු අධිපති නැති තත්වයක් යටතේ මුදල් මණ්ඩලයට ඔහුගේ කටයුතු පැවරෙන අතර අධිපතිවරයා නැතිව බොහො කටයුතු කරගත නොහැකිව මහබංකු කටයුතු අඩපන වන බව මුල්‍ය විශ්ලේෂකයෝ කියා සිටිති.

හැකි ඉක්මනින් මහ බැංකු අධිපතිවරයෙක් පත් නොකලහොත් මෙම තත්වය තවත් උත්සන්න වනු ඇතැයිද ඔවුන් අනතුරු අඟවයි.