සමරවීර ඔස්‌ටේ්‍රලියාවේ උදව්වට

Thilan Samaraweera
ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පිතිකරු උපදේශක ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක තිලාන් සමරවීර තෝරාගෙන ඇත. ඔහු මේ වන විටත් ඔස්‌ටේ්‍රලියානු නවක පිතිකරුවන් සමග සිය රාජකාරී කටයුතු අරඹා තිබේ.

"මගෙත් එක්‌ක දැනට ඔස්‌ටේ්‍රලියානු පිතිකරුවන් පස්‌දෙනෙක්‌ පුහුණුවීම් ලබනවා. මම මගේ පැත්තෙන් උපරිමය ඔවුන්ට ලබාදෙනවා." යෑයි සමරවීර පවසා තිබේ.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ නවක ක්‍රීඩකයන් වන ඇඩම් වෝර්න්, ෂෝන් මාර්ෂ් සහ ජැක්‌සන් බර්ට්‌ බ්‍රිස්‌බේන්වල පිහිටි දග පන්දු යවන්නන්ට විශේෂිත ස්‌ථානයක සමරවීර සමග පුහුණුවීම්වල නිරත වේ.

ලබන අගෝස්‌තු මස ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට ශ්‍රී ලංකාවේ තණතීරුවල සහ දඟ පන්දු යවන්නන්ට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සමරවීර ඔස්‌ටේ්‍රලියානු පිල වැඩිදුරටත් දැනුවත් කරනු ඇත.

සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 81 කදී ශතක 14 ක්‌ සහ අර්ධ ශතක තිහක්‌ සමග ලකුණු 5462 ක්‌ද එක්‌දින තරගය 53 ක්‌ද ක්‍රීඩා කර ඇති දක්‍ෂ පිතිකරුවෙකි.