
රුපියල් මිලියන 600ක මුදලක් වැය කර තනා ඇති මෙම මැදිරි සංකීර්ණය මගින් තාක්ෂණිකව ඉතා ඉහළ ගුණාත්මක රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කිරීමේ තාක්ෂණික හැකියාව පවතී.
මෙම මැදිරිය ඉදිකිරීම සඳහා සම්පූර්ණ මුදල ස්වාධීන රූපවාහිනිය විසින් උපයාගත් ආදායම් ලාභයෙන් කොටසක් යොදවා සිදු කළ බවත් රජයෙන් වෙනත් මුදල් ඉල්ලා නැති බවත් ඊයේ උත්සවයේදී කියැවිණි.
ප‍්‍රවිණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා සමග අගමැති රනිල් පැවැත්වූ සාකච්ඡාවකින් මෙම මැදිරියේ පළමු වැඩසටහන පටිගත විය.
ලංකාවේ තවමත් කිසිදු රූපවාහිනී නාලිකාවක් ඩිජිටල් ක‍්‍රමයට ෆුල් එච්ඞී විකාශනය අරඹා නැති අතර ඉදිරියේදී ඩිජිටල් ක‍්‍රමයට වෙනස්වීමේදී මෙම මැදිරි තාක්ෂණය අත්‍යවශ්‍ය වනු ඇත.