තෙවරප්පෙරුමට අසාධ්‍යයි

මීගස්තැන්න පාසලට ළමුන් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ගෙල වැළලාගෙන සියදිවි නසා ගැනීමට ඊයේ උත්සාහ කරනු ලැබීය.

සිද්ධියෙන් පසුව ඔහු රොගී නාගොඩ රෝහලට ඇතුළත් කර අතර පසුව තත්ත්වය බරපතල වීම නිසා කොළඹ නවලෝක රෝහලට ගෙන එනු ලැබීය.

නියෝජ්‍ය අමාත්‍යවරයාට හදිසි හෘද්‍යාබාධයක් ඇතිවූ බවත් නවලෝක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු දැඩි සත්තාර ඒකකයට ඇතුළත් කළ බවත් වාර්තාවෙයි. ඔහුගේ තත්තවය තරමක් බරපතල බවද කියැවෙයි.