මෙක්සිකෝවේ හිස් දෙකේ දරු උපතක් Video

එක් ශරීරයක් සහ හිස් දෙකක් සහිත දරු උපතක් මෙක්සිකෝහි රෝහලක සිදුව ඇත. මෙවන් අසාමාන්‍ය දරු උපතක් සිදුකළ එම ළදරුවන්ගේ මව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද එම වාර්තාවල සඳහන්ව ඇත.

රෝහල් බලධාරීන් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මෙම ළදරුවන්ගේ ඇතුළත ඉන්ද්‍රියයන් එක් ශරීරයකට සම්බන්ධව ඇත. එසේ වුවද හිස් දෙකෙහි මොළ දෙකක් තිබේ. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වැඩි විස්තර හෙළිදරව් කර නැතත් මවගේ තත්ත්වය කෙරෙහි පමණක් සඳහනක් කර තිබේ.