ඥාණසාර හිමි පාර්ලිමේන්තුවට

මුල්වරට මහමැතිවරණයක් සඳහා තරග කළ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරා පත් කර තිබේ. මෙවර මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂය ඡන්ද 67,758 ක් ලබා ගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේ දිස්ත්‍රික්ක 4 ක නාමයෝජනා හකුලා ගන්නට සිදුවීමෙන් පසු වය. එහි කුරුණෑගල නම් ලැයිස්තුවේ ඥානසාර හිමිගේ නම සටහන් වුවද තරග කරන්නට බැරිව ගියේ නාම යෝජනා දෝෂයක් නිසාය. මහ මැතිවරණයෙන් හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසියම් ගැටලුකාරී තත්වයක් පසුගිය දින දෙකතුළ පැවති නමුත් අවසානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගත් බව අපේ ජනබල පක්ෂය අද සවස නිවේදනය කර තිබේ. එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව අද පැවති මාධ්‍ය හමුවක් අතරතුර සඳහන් කළේය. මෙවර පාර්ලිමේන්තුවේ එකම භික්ෂු නියෝජනය බවට ඥාණසාර හිමි පත්ව තිබේ.