හසිනි අමේන්ද්‍රාට ඇප

මහජන බැංකුවේ සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී රන් භාන්ඩ සොරකමක් සිදු කිරීම නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවමින් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි
අමෙන්ද්‍රා රත්නායක දැඩි ඇප කොන්දේසි පනවා
ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ ඇයට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද පනවා තිබේ.

ඇප ලබා උසාවි පරිශ්‍රයෙන් එලියට පැමිණි හසිනිගෙන් උසාවියට පැමිණි සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්න අසද්දී ඒවාට නොපැකිළව ඇය පිළිතුරු ලබා දුන් අතර වරක් එක් මාධ්‍යවේදියෙකු අසා ඇත්තේ ඔබ දරුවෙක් පිලිසිඳගෙන ඇති බවට යන පුවත සත්‍යයක්ද යන්නයි.

‘නෑ නෑ ඒක බොරු. තාම එහෙම එකක් නෑ. ඒත් වික්ටර්ගෙන් මං ඒ දේ බලාපොරොත්තු වෙනවා. විවාහ වූ දාසිට එවන් ප්‍රාර්ථනාවක් දිනපතා මං කරනවා‘ ඇය පවසා තිබේ.

ඇගේ ස්වාභාවික පෙනුම අනුව උදරය තරමක් නෙරා තිබීම මත ඇතැම් වෙබ් අඩවි මගින් මෙම පුවත පතුරා තිබූ අතරම ඇය වික්ටර්ගේ පුතුන්ට රිදවීමේ අටියෙන්දෝ පසුගිය කාලයේ පුවත්පත්වලට දරුවෙකු පතන බව පවසා තිබීම නිසා මෙම ආරංචිය පැතිර තිබිණි.

ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට අධිකරණය නියෝග කර තිබේ.