රන්ජන් රාමනායකට යළි නොතීසි

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
එහිදී ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ, අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා තමන්ට නොතීසියක් නොලැබුණු බව ය.

මාධ්‍යවලින් දැනගත් තොරතුරු අනුව තමන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව බුවනෙක අලුවිහාරේ හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ, රන්ජන් රාමනායක මහතාට යළි නොතීසි නිකුත් කිරීමට ය.

ලබන මස 21 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අධිකරණය ඔහුට නොතීසි නිකුත් කළේ ය.

මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන් හා නීතිඥයින් බහුතරයක් දූෂිත බවට මාධ්‍ය හමුවේ රන්ජන් රාමනායක මහතා කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් වූ බව පවසමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි හා විශ්‍රාමික හමුදා නිලධාරී සුනිල් පෙරේරා මහතා ගොනු කළ පැමිණිල්ලක් අනුව ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.