වෙඩි කන්න හරි මම ලාහෝර් යනවා

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 29 දා පාකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිත අතර, ඒසඳහා තමාද සහභාගීවන බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පාකිස්තානයේ ලාහෝර් නගරයෙ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පැහැදිලි සහතිකයක් ලබාදී ඇති බැවින් එහි පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන බව ක්‍රිඩා අමාත්‍යවරයා පැවසීය.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් පාකිස්තානයේ ලාහෝරයේ ආරක්ෂක තත්ත්වය හොඳයි කියලා වාර්තාවක් ලබාදී තිබෙනවා. ඊට අමතරව මම ලංකාවේ පොලිස්පතිතුමාව දැනුවත් කළා. එතුමා වෙනම වාර්තාවක් ලබාගන්න කටයුතු කරනවා. ඒවගේම පාකිස්තානු රජය ආරක්ෂක තත්ත්වයේදී රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ප්‍රභූ ආරක්ෂාව අපිට ලබාදීමට වැඩපිළිවෙල සකස්කර තිබෙනවා.“ යැයි අද (25දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.