මේ සතියේ ලග්න පලාපල


මේෂ – මහන්සියේ ප්‍රතිඵල
කරගෙන ආ කටයුතුද අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද ස්වකීය මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස දියුණු කරගත හැක. ගෙදරදොර කටයුතුවලදී යම් යම් බාධා, අවහිරතා ඉස්මතු කළ හැක. එම නිසා තරමක් බුද්ධිමත්වද, කල්පනාකාරීවද ක්‍රියා කළ යුතුයි. කෙසේද වුවත් සාමාන්‍ය දියුණුවට අයහපත් නොවේ. කෙසේද වුවත් තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. ‍ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග, මූත්‍රා දෝෂාදියෙන්ද, වැටීම්, තැළීම්, තුවාල පීඩාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක වනු ඇත. විවිධ අංශයන් තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය වර්ණය – රතු, ජය අංකය – 09

වෘෂභ – බාධා සහිතයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී තමාගේ කටයුතුවලට යම් යම් බාධා අවහිරතා ඉස්තු විය හැකි නිසා තරමක් කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග ඉස්මතු වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට තරමක් බාධා සහිතයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් වැඩි අවධානයක් යොමුවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. ‍ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝගාදියෙන්ද ප්‍රවේශම් වන්න. වැටීම්, තැළීම්, තුවාලවලට ඉඩ පවතී.
ජය වර්ණය – නිල්, ජය අංකය – 06

මිථුන – ලාභ ලැබේ
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබාගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබයි. වාසි සහගත තත්ත්වයක් උදා කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. අන්‍යයන්ගේ සහයෝගය, ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ වැඩකටයුතු ලෙහෙසියෙන්ද, පහසුවෙන්ද ඉටුකර ගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ.
දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. ඒ තුළින් සහනයක්ද සැනසීමක්ද උදා කරයි.
ජය වර්ණය – කොළ, ජය අංකය – 05

කටක – මිශ්‍රපලදායකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී විටින් විට යම් යම් බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. එම නිසා ඉතාමත් කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදුවේ. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට සුබයි. අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. වැටීම්, තැළීම්, තුවාල, අනතුරු පීඩාදියට ඉඩ මතු කළ හැකි බැවිනි.
ජය වර්ණය – ක්‍රීම් පාට, ජය අංකය – 02

සිංහ – වාසි ලැබේ
වෘත්තීය සහ රැකීරක්ෂා අංශවල කිසියම් දියුණුවක්, සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියන්ද, පහසුවෙන්ද ඉටු කරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි.
විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උදාකරගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන වාසි ලැබේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට ඉටුවේ. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන අංශවල නියුක්ත අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය – රතු, ජය අංකය – 01

කන්‍යා – බලා‍පොරොත්තු ඉටුවේ
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උදාකරගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබදායක වේ. ලාභ ප්‍රයෝජන අත්පත් වේ.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගනී. ලෙහෙසියෙන්ද, පහසුවෙන්ද ඉටුකර ගනී. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. ඉගෙනීමේ යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ගමන් බිමන් අධිකයි. ආගමික අංශයන්ට නැඹුරු වීම තුළ සහනයක්ද, සැනසීමක්ද ලබයි.
ජය වර්ණය – කොළ, ජය අංකය – 05

තුලා – මිශ්‍රපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම් යම් බාධා, ප්‍රමාදතා ඉස්මතු වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක වනු ඇත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උපයාගත හැක. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. අධ්‍යපාන ක්ෂේත්‍රයේ නියුක්ත අයට අලුත් විෂයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. ආගමික උත්සවවලට සහභාගි වීමට අවස්ථාව සැලසේ. ගමන් බිමන් කිහිපයක්ම යෙදේ. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වනු ඇත.
ජය වර්ණය – නිල් ජය අංකය – 06

වෘශ්චික – බාධා මැද දියුණුව
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් පෙන්නුම් කරයි. විටෙක ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී බාධා අවහිරතාවන් ඉස්මතු වුවද ස්වකීය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරනු ඇත. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, බලයත් වැයවේ. ගමන් බිමන් අධිකයි. අනතුරු පීඩාදියෙන් ප්‍රවේශම් වන්න.
ජය වර්ණය – රතු, ජය අංකය – 09

ධනු – සමපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඉතාමත් කල්පනාකාරී නොවුවහොත් යම් යම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. ප්‍රවේශම් විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක්ද උදාකර ගනු ඇත. තමාගේ වැඩවලදී අන්‍යයන්ගේ සහයෝගය එක්තරා මට්ටමකට ලැබෙනු ඇත. ගෙදරදොර කටයුතු යහපත් වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන අංශවල නියුක්ත අයට යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා ඉතාමත් උනන්දුවෙන්ද, කැපවීමෙන්ද ක්‍රියා කිරීම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගනී. තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය – රන්වන්, ජය අංකය – 03

මකර – මිතුරු ඇසුර
ගෙදරදොර කටයුතු දරුවන්ගේ කටයුතුවල කිසියම් සහනශීලී බවක් ඇති කරයි. අන්‍යයන්ගෙන් ආධාරය උපකාරය ලැබේ. හිතවතුන්, මිතුරු මිතුරියන් තමා සොයාගෙන පැමිණේ. ඔවුන්ගේ ආධාරය ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. ක්‍රමයෙන් දියුණුවක් ලබයි. අලුත් කටයුතු කිහිපයක් සඳහා සැලසුම් සකස් කරගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට අවකාශය ලැබේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් යොමුවිය යුතුයි. ප්‍රිය සම්භාෂණ, ප්‍රීති උත්සවවලට සහභාගි වේ. ආගමික අංශයට නැඹුරු වීම තුළ සහනයක්ද, සැනසීමක්ද ලබයි.
ජය වර්ණය – නිල්, ජය අංකය – 08

කුම්භ – බලා‍පොරොත්තු ඉටුවේ
ආර්ථික වශයෙන් කිසියම් අන්දමක ස්ථාවර තත්ත්වයක් උදාකරගත හැක. විවිධ ක්ෂේත්‍රය්නට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබයි. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ සහයෝගය ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු යහපත් වේ. උනන්දුව සහ කැපවීම තුළින් සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. ක්‍රියාකාරකම්, මිත්‍රශීලී ක්‍රමවලින් කටයුතු සාර්ථක කරගනී. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සුබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය කැපවීම සහ උනන්දුව තුළ සාර්ථක ඉගෙනීමක් ලබයි. ආගමික අංශයට නැඹුරුවීමක් පෙන්වයි. ගමන් බිමන් අධිකයි. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය – නිල්, ජය අංකය – 06

මීන- සමපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඉතාමත් විමසිලිමත්වද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබයි. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහිදී නිර්මාණාත්මක දක්ෂතා කුසලතා ඇත. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ආගමික අංශයට වැඩි නැඹුරුවක්ද පෙන්වයි. ඒ තුළ සහනයක් සැනසීමක් ලබයි. තරැණ තරුණියන් අතර අනවශ්‍ය බැඳීම්වලට ඉඩ පවතී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය – රන්වන්, ජය අංකය – 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල