හාල් පොල් අල ලූනු නහුතෙට නගී

සහල්, පොල්, බීලූනු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළයැම නිසා මහජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.

මේ වන විට සාමාන්‍ය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100 දක්‌වාද, පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්‌වාද, අල කිලෝව රුපියල් 180 දක්‌වාද බී ලූනු කිලෝව රුපියල් 160-180 දක්‌වාද ඉහළ ගොස්‌ තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවකට රජය විසින් පනවා ඇති අධික බදු මෙම මිල ඉහළයැම්වලට සෘජුවම බලපා තිබේ.

මේ වන විට ආනයනික අල කිලෝවකට රුපියල් 40 ක්‌ද, බීලූනු කිලෝවකට රුපියල් 40 ක්‌ද, තිරිඟු පිටි කිලෝවකට රුපියල් 31 ක්‌ද, සීනි කිලෝවකට රුපියල් 31 ක්‌ද ආදී වශයෙන් රජය අධික බදු මුදල් අය කරයි.

මීට අමතරව දරුවන්ගේ පෝෂණයට බලපාන ආහාර රැසකටද රජය අධික බදු අය කරයි.