මිනිස් මුහුණක් ඇති එළුවෙක් !

මිනිස් මුහුණක සමානත්වයකින් යුත් හිසක් සහිතව උපත ලැබු එළු පැටවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ගමකින් සොයා ගැනුනු මෙම එළු පැටවාගේ නාසය එළුවෙකුගේ නාසයකට වඩා මිනිසෙකුගේ නාසයකට සමානව වැඩී ඇති බව සඳහන් වේ.එමෙන්ම රැලි ගැසුණු වටකුරු තොල් , ඇස් සියල්ල මිනිස් මුහුණකට සමානව නිර්මාණය වී ඇත.මෙම එළුවාගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන අතර ඒ පිළිබඳ දැඩි කථා බහක් ද නිර්මාණය වී ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වාදෙයි.

පසුගිය ජූලි මාසයේද යක්ෂ මුහුණකට සමාන මුහුණුවරක් ගත් එළු පැටියෙකු ආජන්ටිනාවෙන් බිහිවිය.