චෝදනා හතක් යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත බාර දී තිබේ.
මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 39 දෙනෙකු අත්සන් තබා ඇති අතර මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම අද(24) පාර්ලිමේන්තුවේදී සිදුකෙරිණි.