මන්ත්‍රීවරු 224 දෙනාටම නොමිලේ ලැප්ටොප්

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළදී කරන කටයුතු තවදුරටත් කාර්යක්ෂම හා ඵලදායී ලෙසින් කිරීමට සහායවීම සඳහා චීන රජයේ තිළිණයක් ලෙස ලැප්ටොප් පරිගණක 224ක් ලැබී ඇත.
ඊයේ (22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැස්වීමට පැමිණෙද්දී ඒවා සභාගැබේ සෑම මන්ත්‍රීවරයෙකුගේම මේසය මත තබා තිබුණි.

මේ කටයුත්ත වෙනුවෙන් රජයේ මූල්‍ය පිරිවැයක් දරා නොමැති අතර එය චීන රජයේ විදේශ ආධාරයක් බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

සියලුම ලැප්ටොප් සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම් සපයා තිබුණ අතර ඒ ඇතැම් ඒවායේ මන්ත්‍රීවරුන් ෆේස්බුක් යන ආකාරයත් ඇතැමුන් වෙනත් වැඩ කරන ආකාරයත් ඡායාරූපයට නැගී තිබුණි.