විදුලි පාරිභෝගිකයන්ට කාලපාදක ගාස්තු ක්‍රමයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ත විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය (Time of the day terrify) තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇත.

විදුලිය ගාස්තුව කිසිදු ක්‍රමයකින් වැඩ නොකරන බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.

මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත. ඒ අනුව විදුලි පාරිභෝගිකයාගේ විදුලි භාවිතා කිරීමේ රාත්‍රී 10.30-උදෑසන 5.30 ඒකකයක මිල රුපියල් 13යි, උදෑසන 5.30-සවස 6.30 ඒකකයක මිල රුපියල් 25යි, සවස 6.30-රාත්‍රී 10.30 ඒකකයක මිල රුපියල් 54ක් ලෙස හඳුන්වාදී ඇත.

මෙම විදුලි ගාස්තු ක්‍රමය හඳුන්වාදීම තුළින් විදුලි පාරිභෝගිකයන් සඳහා වන ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන අතර, මෙම ක්‍රමවේදය එකලා විදුලි සැපයීමක් සහිත විදුලි පාරිභෝගිකයන්ට හඳුන්වාදීම තුල බලාපොරොත්තු වන්නේ දිනකදී වැඩිම විදුලි ඉල්ලුම පවතින සවස 6.30 සිට 10.30 දක්වා කාලය තුළ විදුලි පරිභෝජනය අවම කර ගැනීමයි. කිසිදු පාරිභෝගිකයකුට මෙම ක්‍රමවේදයට අනුගත වීමට අනිවාර්යය නොකරන අතර, මෙම ගාස්තු ක්‍රමය පාරිභෝගිකයා කැමති නම් පමණක් තෝරාගත හැකි ක්‍රමවේදයකි.