ශ‍්‍රී.ල.නි.ප. නව ආසන සංවිධායකවරු පත්වීම් ලබති

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පත් කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු සිවු දෙනකු සහ ආසන සංවිධායකවරු හත්දෙනකු පසුගිය දා (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවෙසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ලෙස ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර තිබේ.

සෙසු පත්කිරීම් පහත පරිදි වේ.

කටුගම්පල ආසනය - ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා, යාපහුව ආසනය - රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතා, දඹදෙණිය ආසනය - ශාන්ත බණ්ඩාර මහතා, කුලියාපිටිය ආසනය - අතුල විජේසිංහ මහතා, ගල්ගමුව ආසනය - තාරානාත් බස්නායක මහතා, දොඩම්ගස්ලන්ද ආසනය - නිමල් විජේසිංහ මහතා, මාවතගම ආසනය - ඩබ්ලිව්. උපුල් ප්‍රියන්ත මහතා

නව දිස්ත්‍රික් සංවිධායකවරු

උපුලාංගනී මාලගමුව මහත්මිය, නිලන්ත සුපුන් රාජපක්ෂ මහතා, එස්. එම්. සෆ්රාස් මහතා, සරත් රත්නායක මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්විය.