රුපියල තවත් පහළට

2016 වසරේදී ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව සියයට 3.8ක පහළ යෑමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනිදා වන විට එහි අගය සියයට 1.2කින් තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ දිනවල වෙළෙඳපොළේ ඇමෙරිකන් ඩොලරය රුපියල් 151.94කි.

සෙසු ව්‍යාවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට සාපේක්ෂව සියයට 3.2කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 2.8කින්ද, ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 5.5කින්ද, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව 1.9කින්ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.1කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 4.8කින්ද පහළ ගොස් ඇත. වෙනත් වචනවලින් කියනවානම් රුපියලේ අගය තවදුරටත් බාල්දු වී තිබේ.

මේ අතර 2016 වසරේ මුළු අපනයන ආදායමද ඩොලර් මිලියන 10,310ක් දක්වා සියයට 2.2කින් පහළ ගොස් ඇත.