අප්‍රේල් වනවිට දරුණු සහල් හිඟයක්‌

වතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී ගොවිතැනෙන් සියයට විස්‌සකට ආසන්න ප්‍රමාණයක්‌ මේ වන විට විනාශ වී ඇති බවත් ලබන අප්‍රේල් මාසය වන විට දරුණු සහල් හිඟයක්‌ ඇතිවීමට එය අනිවාර්යය හේතුවක්‌ වනු ඇති බවත් ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස්‌ එම්. ඒ. සුනිල් වීරසිංහ මහතා ඊයේ (16 වැනිදා) පැවැසීය.

මේ වන විට හෙක්‌ටයාර දෙලක්‍ෂයක පමණ වී ගොවිතැන් පවතින අතර එය මෙරට සහල් අවශ්‍යතාව සැපිරීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම කියා සිටියේය.

සාමාන්‍යයෙන් මෙරට එක්‌ කන්නයක හෙක්‌ටයාර හත්ලක්‍ෂ පනස්‌දහසක්‌ පමණ වී ගොවිතැන් කරන බවත් එයින් පසුගිය කන්නයේ වගාකර ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක්‌ බවත් පැවසූ ඒ මහතා එම ප්‍රමාණයෙනුත් තවත් සියයට විස්‌සක්‌ පමණ නියඟයෙන් විනාශවීම බරපතළ තත්ත්වයක්‌ බවත් පැවැසීය. වියළි කාලගුණය තවදුරටත් පවතින බවට පළ කර ඇති අනාවැකි අනුව වී ගොවිතැන තව තවත් විනාශ වනු ඇති බවටද හෙතෙම අනාවැකි පළ කළේය.