චාල්ස්‌ - කැමිලා විවාහය දෙදරයි

බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කුමරා හා කැමිලා පාකර් ආර්යාව අතර විවාහය බිඳවැටී ඇත. බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග දක්‌වන්නේ ඔවුන් දික්‌කසාදවීම සඳහා කටයුතු කරන බවයි. මේ ගැන ඇසූ එළිසබත් රැජින කම්පාවට පත්වී තිබේ.

2006 වසරේදී චාල්ස්‌ කුමරු සහ කැමිලා යුග දිවියට පත්වූහ. ඔවුන් දෙදෙනා යළි එකතු කිරීමට එළිසබත් රැජින දැරූ උත්සාහයද ව්‍යර්ථවී ඇත. බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග දක්‌වන්නේ චාල්ස්‌ හා කැමිලා සිය නීතිවේදීන් වෙත යොමුවී ඇති බවයි.

ඔවුන්ගේ විවාහය බිඳී යැමට හේතුවී ඇත්තේ කැමිලා දින ගණනාවක්‌ම චාල්ස්‌ කුමරුගෙන් ඈත්ව සිටීමයි.