රවිගෙන් අනතුරු ඇඟවීමක්‌

ලොතරැයි අලෙවි නියෝජිතයන් ආණ්‌ඩුවට ඕනෑවට වඩා "පාට්‌" දමන්නට ආවොත් ඉදිරි දින දෙක තුළ නව අලෙවි බලපත්‍ර ලබා දෙන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

පොරොත්තු ලේඛනයේ සිටින අයට එම බලපත්‍ර ලබාදෙන බවත් උතුර නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල ලොතරැයි අලෙවි කිරීමට බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලීම් රැසක්‌ ඇති බවත් හෙතෙම කියා සිටියේය.

නව වසරේ වැඩකටයුතු ඇරැඹීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් මුදල් ඇමැතිවරයා එසේ සඳහන් කළේය.